“තරගකාරීත්වය” යන වචනය මතු කරමින් ‍වෙනත් රටකට හානි කිරීමට විරුද්ධ බව චීනය පවසයි
2023-02-08 20:04:58
Share with:

චීන-ඇමරිකානු සම්බන්ධතා “තරගකාරීත්වය” යන වචනයෙන්  නිර්වචනය කිරීමට විරුද්ධ වන බව චීනය පවසයි.

ඊයේ (7) ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා වාර්ෂික කොංග්‍රස් මණ්ඩල දේශනය පැවැත්වීමේදී චීනය පිළිබඳව අදහස් පළ කළේ ය. චීන විදේ අමාත්‍යංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ චීන-ඇමරිකානු සම්බන්ධතා “තරගකාරීත්වය” යන වචනයෙන්  නිර්වචනය කිරීමට චීනය විරුද්ධ වන බවයි. චීනය තරගකාරීත්වයට බිය නොමැත. චීනය තරගකාරීත්වය මඟ හරින්නේ ද නැත. චීනය හා ඇමරිකාව වෙන් වෙන් ව සාර්ථකත්වයන් ලබාගෙන තිබීම රටවල් දෙකට අවස්ථාවක් මිස අභියෝගයක් නොවන බව මෞ නිං මහත්මිය එහිදී පෙන්වා දුන්නා ය. තරගකාරීත්වය යන වචනය මතු කරමින් ‍වෙනත් රටකට හානි කිරීම, වගකීම් සහගත බලවත් රටක් විසින් ‍නොකළ යුතු දෙයක් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම