‘ චීනෙය් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් රක්ෂණය පිළිබඳ 2022 ධවල පත්‍රිකාව ’ නිකුත් කෙරේ
2023-02-08 15:59:11
Share with:

‘ චීනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් රක්ෂණය පිළිබඳ 2022 ධවල පත්‍රිකාව  ’ නිකුත් කෙරේ. චීන ජාතික බුද්ධිමය දේපළ අයිතිවාසිකම් කාර්යාංශයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවර්ධන පර්යේෂණායතනය විසින් එය අද(08) නිකුත් කරනු ලැබිණ.

චීනයේ නවෝත්පාදනය අඛණ්ඩ ව ඉහළ යාම මෙන් ම ප්‍රාග්ධන වෙළඳපළ පුළුල් වෙමින් පැවතීමත් සමග චීනයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ මූල්‍ය සේවාවන් බිහි වී තිබේ. බුද්ධිමය දේපළ අයිතිවාසිකම් රක්ෂණය, එම සේවාවට අයත් වැදගත් කොටසක් ලෙසට, ව්‍යවසායයන් හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අවදානම් සමනය කිරීමට හිතකර වෙයි. එම රක්ෂණයෙන් සියලුම ආකාරයේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආවරණය කිරීම විශේෂත්වයකි. පේටන්ට්, වෙළඳ ලකුණු, ප්‍රකාශන අයිතිය, බිම් සලකුණු,, ව්‍යාපාරික රහස් යන ක්ෂේත්‍ර ඊට ඇතුළත් බව ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම