ශංහයි සහයෝගිතා සංවිධානයට සම්බන්ධ වීමට අදාළ නියෝගයකට ඉරාන ජනාධිපතිවරයා අත්සන් තබයි
2023-02-08 11:20:30
Share with:

ඉරානය ශංහයි සහයෝගිතා සංවිධානයට සම්බන්ධ වීම පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝගයකට ඉරාන ජනාධිපතිවරයා අත්සන් තබයි.

ඉරාන ජනාධිපති Seyed Ebrahim Raisi මහතා ඊයේ(7) එම නියෝජගය අත්සන් කළේය.

එම නියෝගය ජනාධිපතිවරයා ඊයේ(7) ඉරාන විදේශ අමාත්‍යංශයට භාර දුන් බව ඉරාන ජනාධිපති අන්තර්ජාල වෙබ් අඩවිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ශංහයි සහයෝගිතා සංවිධානය ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක වැඩසටහන් සක්‍රීය ලෙස පවත්වා තිබේ. ඉරානය එම සංවිධානයට නිල වශයෙන් සම්බන්ධවීමෙන් පසු අදාළ ක්ෂේත්‍රවල තම අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කර ගත හැකිය. එසේම ඉරානය, ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටක් බවට පත් වීම මගින් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම