ව්‍යසනයකට මුහුණ දී අවස්ථාවේ සිරියාවට එරෙහි ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව වහාම පියවර ගත යුතු බව චීනය පවසයි
2023-02-08 19:08:17
Share with:

ඇමරිකාව සිරියාවට එරෙහිව ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කළ යුතු බවත්, මානුෂීය සහන සඳහා අවස්ථාව සැලසිය යුතු බවත්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(8) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ය.

වාර්තාවලට අනුව, තුර්කියේ සහ සිරියාවේ ප්‍රබල භූමිකම්පාවලින් පසුව, වාර්ගික වෙනස්කම්වලට එරෙහි ඇමරිකානු-අරාබි කමිටුව 'වහාම සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස' ඇමරිකාවෙන් ඉල්ලීමක් කර තිබේ. එහෙත් සිරියානු රජය සමඟ සෘජුව ගනුදෙනු නොකරන බව ඇමරිකානු පාර්ශ්වය පෙන්වාදී ඇත.

මේ පිළිබඳ Mao Ning මහත්මිය සඳහන් කළේ, සිරියානු අර්බුදයට ඇමරිකාව දිගුකාලීන මැදිහත් වීමෙන්, සිරියාවේ ආර්ථික සංවර්ධන හා නැවත ගොඩනැගීම් ක්‍රියාවලියේ දුෂ්කරතා ඇති කරන බවයි.

ව්‍යසනයට මුහුණ දීමේදී, ඇමරිකාව භූ දේශපාලන උමතුව අත්හැරිය යුතු බවත්, වහාම සිරියාවට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කළ යුතු බවත්, මානුෂීය සහන සඳහා අවස්ථාව සැලසිය යුතු බවත්, Mao Ning මහත්මිය එහිදී පැවසුවා ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම