යුක්රේන යුද පුවත් රුසියානු නීතිවලට අනුගතව වාර්තා කරන ලෙස එරට ඇමරිකානු තානාපති කාර්යාලයට රුසියාවෙන් නියෝගයක්
2023-02-08 10:25:19
Share with:

යුක්රේනයේ සිදු කළ යුද මෙහෙයුම් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වහාම නතර කරන ලෙස රුසියාව එරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටී.

රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය එම ක්‍රියාව නතර නොකළහොත් රුසියාවේ රැදි සිටින ඇමරිකානු රාජ්‍යතන්ත්‍රික නිලධාරීන් රුසියාවෙන් පිටුවහල් කරනු ඇති බවට ප්‍රකාශ කෙරිණ. 

රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ එරට ඇමරිකා නව තානාපතිනි Lynne Tracy මහත්මියට අනතුරු ඇඟවීමක් ලබා දී ඇති බවයි. එම අනතුරු ඇඟවීමට අනුව,  යුක්රේනයේ සිටින රුසියානු සන්නන්ධ හමුදා හා සම්බන්ධ නිවේදන නිකුත් කිරීමේ දී ඇමරිකා තානාපති කාර්යාලය රුසියානු නීති වලට දැඩිව අනුගත විය යුතු බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. 


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම