සටන් විරාමය කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි යුක්රේන අර්බුදය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් චීනය යළිත් ඉල්ලයි
2023-02-07 09:23:35
Share with:

සටන් විරාමය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන්නැයි, චීනය යුක්රේන අර්බුදය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing  මහතා ඊයේ (6) මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය. ජනතාව පිළිබඳව සලකා, යුක්රේන අර්බුදය හා සම්බන්ධ සියලු පාර්ශ්ව සාමය සඳහා පෙළඹවිය යුතුය. ගැටුම් ඇතිකරන පාර්ශ්ව හැකි ඉක්මණින් සාම සාකච්ඡා යළි ආරම්භ කර, සටන් විරාමයක් සඳහා මාර්ගය සොයාගන්නා ලෙස චීනය යළි ඉල්ලා සිටින බව ද හෙතෙම පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යුක්රේනයේ මානුෂීය අර්බුද පිළිබඳ සාකච්ඡා කිරීමේදී, Dai Bing මහතා පැවසුවේ, ගැටුම් ඇතිකරන පාර්ශ්ව, ඉන් බැහැරව ජාත්‍යන්තර මානුෂීය නීති දැඩිව අනුගමනය කිරීමේ අවශ්‍යතාව චීනය සැමවිටම අවධාරණය කරන බවයි.ජාත්‍යන්තර මානුෂීය ආයතන හා යුක්රේනයේ අසල්වැසි රටවල් යුක්රේන මානුෂීය අර්බුදකාරී තත්ත්වය ලිහිල් කිරීම සඳහා කළ මෙහෙවර වෙනුවෙන් චීනය ප්‍රශංසාව පළ කර ඇත. ජගත් ප්‍රජාව සමඟ එක්ව, යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ඉවහල් වන සියලු ප්‍රයත්නයන්ට සහයෝගය දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Dai Bing මහතා එහිදී පැවසීය.   

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම