චීනයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම ලෝක ආර්ථික ගමන් මඟ පුළුල් කිරීමට ප්‍රධාන සාධකයක්- මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද
2023-02-07 08:51:03
Share with:

කොවිඩ් වසංගතයට පසු චීනයේ කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම දෙසැම්බර් මාසයට සාපේක්ෂව ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය 47% සිට ජනවාරි මාසයේ දී 50% ක් දක්වා වැඩි වී ඇත. මේ ආකාරයට සියළුම නිර්ණායකයන්හි වර්ධනයක් මාධ්‍ය වාර්තා කර ඇති බැවින් චීන ආර්ථිකය සුපුරුදු ආර්ථික වේගය කරා ක්‍රමයෙන් ගමන් කරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා මහතා කියා සිටී.

ලෝක ආර්ථිකයට ඉතා හොඳ සංඥාවක් සපයන මෙම තත්ත්වය තුළ ලෝකයේ විවිධ නිෂ්පාදන හා සේවා සපයන රටවල් හෝ කර්මාන්තවලට චීන නිෂ්පාදිත මිලදී ගැනීම සඳහා වැඩි ප්‍රවණතාවයක් ඇති කොට තිබේ. පසුගිය කාලයේ හැකිලී තිබූ ඇතැම් කර්මාන්ත මේ වන විට චීන නිෂ්පාදිත පදනම් කර ගනිමින් නැවත නැවතත් වෙළඳ පොලට අවතීර්ණ වෙමින් පවතී. එයින් පෙන්නුම් කරන්නේ ලෝක ආර්ථිකයට වි‍ශාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සපයන චීනය මේ වන විට තමන්ගේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ලෝක ආර්ථිකයට සුබදායී පුවතක් බව යැයි මහාචාර්ය හීන්කෙන්ද මහතා සඳහන් කළේය.

නව රැකියා උත්පාදනයට මෙන්ම රැකියවන්හි යෙදෙන පුද්ගලයන්ගේ ආදායම් ඉහළ නැංවීමටත් ලෝකයට එම ආදායම් ව්‍යාප්ත වීමටත් ඉතා හොඳ ලක්ෂණයක් පෙන්නුම් කරන තත්ත්වයකි. එබැවින් ඉදිරි මාස කීපය තුළ චීනයේ මෙම නැඟීම ලෝකයේ ආර්ථික වර්ධනයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ලෝකය පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයින්ට පමණක් නොව මහා පරිමාන නිෂ්පාදකයින්ට ද අමුද්‍රව්‍ය සොයා ගැනීමට චීනය විශාල අනුබලයක් සපයන අතර එය ලෝක ආර්ථික ගමනට චීනයේ මැදිහත් වීම ‍හොඳින් පෙන්නුම් කරන්නක් යැයි  ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පිඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම