තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනවලින් විපතට පත් වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සහයෝගය
2023-02-07 09:15:41
Share with:

දකුණු තුර්කියේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊයේ (6) ප්‍රබල භූ කම්පන හටගෙන තිබේ. විපතට පත් ප්‍රදේශවලට සහ ජනතාවට මානුෂීය ආධාර සැපයීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩිනමින් පශ්චාත් ආපදා සහන මෙහෙයුම් එදිනම දියත් කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අදාළ සහය දැක්වීමේ ක්‍රියාකාරකම්වලට එක්සත් ජාතීන් උපරිමයෙන් කටයුතු කරන බවයි. ව්‍යසනයෙන් විපතට පත් දහස් සංඛ්‍යාත ජනතාවට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සිය සහය ලබා දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක Achim Steiner මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා විපතට පත් පුද්ගලයින්ට සහය ලබා දීමට සහ ඔවුන්ට මෙම ඛේදවාචකයෙන් සිදු වූ හානි වෙනුවෙන් උපකාර කිරීමට සූදානම් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි වෛද්‍ය කණ්ඩායම් තුවාල ලැබූවන්ට සහ වඩාත් අවදානමට ලක්වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සැලසුම් කර ඇති බවයි.‍

මීට අමතරව, අවශ්‍ය හදිසි ප්‍රතිචාර දැක්වීමට සැලසුම් කර ඇති බව ‍එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20230923සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම