තුර්කියේ හා සිරියාවේ භූමි කම්පා ආපදා සහන කටයුතු වෙනුවෙන් හැකි උපරිමයෙන් සහාය වන බව චීනය පවසයි
2023-02-07 17:32:05
Share with:

තුර්කියේ හා සිරියාවේ භූමි කම්පා ආපදා තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරමින් හැකි තරම් සහනාධාර සපයන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(7) පැවති නිත්‍ය හමුවේදී මේ බව පැවසුවාය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා තුර්කි ජනාධිපති RecepTayyip Erdogan මහතා හා සිරියා ජනාධිපති Bashar al-Assad මහතා වෙත ශෝක පණිවුඩ යොමු කළේය. චීන රජය කඩිනමින් හදිසි මානවහිතවාදී සහනාධාර දීමේ ක්‍රමය ක්‍රියාත්මක කර ඇති අතර පළමු සහනාධාරය ලෙසට තුර්කියට චීන යුවාන් මිලියන 4.66ක මුදලක් සපයනු ඇත. තුර්කි රතු අඩසඳ සංවිධානයට හා සිරියා රතු අඩසඳ සංවිධානයට චීන රතු කුරුස සංවිධානය විසින් හදිසි මානවහිතවාදී සහනාධාර ලබා දී තිබේ. චීන සහන කණ්ඩායම තුර්කියේ විපතට ලක්වූ ප්‍රදේශයට යමින් සිටිති. තුර්කියේ හා සිරියාවේ අවශ්‍යතාවන්ට අනුව චීනය අඛණ්ඩව අනුබල හා සහය සපයනු ඇති බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම