තම රටේ උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇතැයි යන්න බහුතර ඇමරිකානුවන්ගේ අදහසයි
2023-02-07 11:29:42
Share with:

70% කට ආසන්න බහුතර ඇමරිකානු ජනතාව උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව, නවතම ජනමත විමසීමකින් පෙන්නුම් කෙරේ.

ඇමරිකානු ජනතාව එරට උද්ධමන මට්ටම සහ කොටස් වෙළඳපොළ පිළිබඳ අසුබවාදී හැඟීමෙන් පසුවන බව, ඇමරිකානු Gallup සමාගම ඊයේ(6) නිකුත් කළ ජනමත විමසුම් වාර්තාවකින් හෙළි විය.

ඒ අනුව, ඇමරිකානුවන්ගෙන් 67% ක පිරිසක් ඉදිරි මාස 6 තුළ එරට උද්ධමන මට්ටම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරති. එමෙන්ම උද්ධමන මට්ටම පහත වැටෙනු ඇතැයි අදහස් කරන්නේ 20% ක් පමණක් වන අතර, පුද්ගලයෝ 12% ක් එය නොවෙනස්ව පවතිනු ඇති බවට අනාවැකි පළ කරති. කොටස් වෙළඳපොළ පිළිබඳව, 48% ක පිරිසකගේ අනාවැකිය වී ඇත්තේ, ඉදිරි මාස 6 තුළ ඇමරිකානු කොටස් මිල පහත වැටෙනු ඇති බවයි.  එය වාර්තාගත ඉහළ අගයකි. එසේම, ෆෙඩරල් අරමුදල් අනුපාතය ඉදිරි මාස 6 තුළ අඛණ්ඩව ඉහළ යනු ඇතැයි ද ඇමරිකානුවන් 74%ක් පවසා ඇත.

කෙසේවෙතත් ඇමරිකානු ණය සීමාව නොවිසඳීමෙන්, ලෝක ආර්ථිකයට හානියක් සිදුවනු ඇති බවට විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම