චීනයේ ප්‍රථම හදිසි සමාජ ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම වන Ramunion කණ්ඩායම තුර්කියට පිටත් වේ
2023-02-07 10:44:42
Share with:

චීනයේ ප්‍රථම හදිසි සමාජ ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම වන Ramunion ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම තුර්කියට පිටත් වේ.

අද (7) එම කණ්ඩායමේ පළමු පිරිස චීනයේ හංජෝ සිට තුර්කියේ භූමිකම්පාවෙන් වැඩිම හානියකට ලක් වූ ප්‍රදේශය වෙත පිටත් විය. භූමිකම්පා වැනි ආපදා තත්ත්වයන්හි දී මුදවා ගැනීම් සම්බන්ධව පුහුණුව ලද  විශේෂඥයන් 8 දෙනෙක් එම පිරිසට ඇතුළත්ය. ඔවුන් දියුණු තාක්ෂණික උපකරණ සහ පුහුණු කළ සුනඛයකු ද මෙහෙයුම් සඳහා යොදා ගැනීමට රැ‍ගෙන ගොස් ඇත.

මීට අමතරව, තුර්කියේ වෙසෙන චීන ජාතිකයන් ද ආපදා සහන සැලසීමට කටයුතු සංවිධානය කර ඇත. මේ වන විට, ඔවුන්ගේ සංවිධානය කූඩාරම්, නිදන මලු සහ බ්ලැන්කට් වැනි සහන ද්‍රව්‍යවල පළමු තොගය අද (7) තුර්කියේ අදාළ ආයතනවලට ලබා දීමට නියමිතය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම