නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය විවෘත කිරීම හෙට
2023-02-07 17:23:29
Share with:

නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය හෙට (08) විවෘත කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමට අදාළ සියලු කටයුතු සූදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සභාවාරය විවෘත කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (8) පෙ.ව 10.00ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

නව සභාවාරය විවෘත කිරීමේ අවස්ථාව චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු යොදා ඇති බවත් ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලි නොපැවැත්වෙන බවත් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව අනිද්දා පෙ.ව 9.30 දක්වා සභාව කල්තැබීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම