වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ඇරඹේ
2023-02-07 17:22:39
Share with:

වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ හිල්ටන් හෝටලයේ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමිනි.

ශ්‍රී ලංකාව අපේක්ෂා කරන හරිත ආර්ථිකය, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙන් ළඟා කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අඩු ආදායම් හා මධ්‍ය ආදායම් ලබන රටවල් මේ වන විට විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දී සිටී. ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීමට මෙම රටවලට ලැබෙන ආධාර ප්‍රමාණවත් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය විසින් මෙය සංවිධානය කර තිබිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම