වසංගත කළමණාකරණ‍ය තුළ චීනයේ සාර්ථකත්වය
2023-02-06 09:39:53
Share with:

චීනය ජනතාවගේ ජීවිත සුරක්ෂිතතාවය‍ට ප්‍රමුඛත්වය ලබා දෙමින් නිවැරදි සහ ක්‍රමානුකූලව කොවිඩ් පාලන ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී. එමෙන්ම තාක්ෂණය ද උසස් මට්ටමින් භාවිත කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සක්‍රීය ලෙස වසංගතය පාලනය කිරීම සඳහා දායක කර ගැනීම‍ට චීනය සමත් විය. චීනය සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වා ගනිමින්, පරිභෝජන රටාව ද යහපත් මට්ටමක පවත්වා ගැනීමට සමත්වූ බව හිටපු පුවත්පත් කර්තෘ සහ මාධ්‍යවේදී රන්ජිත් කුමාර සමරකෝන් මහතා පවසයි.

වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයට සිය ආර්ථිකය සුරක්ෂිත කර ගැනීමට හැකි වූයේ අධිෂ්ඨානශීලී ලෙස කටයුතු කිරීම නිසාවෙනි. යුරෝපා රටවල් අසාර්ථක සෞඛ්‍ය සැලසුම් ක්‍රියාත්මක කරමින් බලපෑමට ලක් වන විට චීනය විද්‍යාත්මක ලෙස ක්‍රියා කරන අයුරු දැක ගත හැකි විය. වසංගතය නිවැරදිව කළමණාකරණය කර ගැනීමට අසමත් වූ ඇමරිකාවට ද එරට ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට නොහැකි වූ බව හෙ‍තෙම කියා සිටී. නමුත් චීනය අනුගමනය කළ ඵලදායී ක්‍රියාමාර්ග හේතුවෙන් 2000 වර්ෂය වන විට ලෝකයේ සමස්ත ආර්ථිකයෙන් සියයට 3.6ක් වූ  චීන ආර්ථිකය අද වන විට සියයට 18.5% දක්වා වර්ධනය වී ඇත. නවීන ආර්ථික ප්‍රතිසංස්කරණය මේ සඳහා හේතු වූ බව ද ඔහු ප්‍රකාශ කළේය.

චීනය අභ්‍යන්තර තත්ත්වය නිසි ලෙස කළමණාකරණය කර ගනිමින් අන් රටවලට ද සිය දායකත්වය ලබා දීමට සමත් විය. සෑම අවස්ථාවකදීම සහයෝගී පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන චීනය සමඟ ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීම ලෝකයේ අනාගත සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම උදෙසා වඩා වැදගත් වන බව මාධ්‍යවේදී රන්ජිත් කුමාර සමරකෝන් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම