ජනවාරි මාසයේ ගෝලීය නිෂ්පාදන මිළදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකය පුනරුත්ථාපනය වන ලකුණු
2023-02-06 10:18:06
Share with:

ජනවාරි මස ගෝලීය නිෂ්පාදන මිළදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකය 49.2%ක් වූ අතර, එය පෙර මාසයට වඩා 0.6%ක වැඩිවීමකි. අද එළි දැක්වූ මෙම සංඛ්‍යාලේඛනයන්ගෙන් පිළිබිඹු වන්නේ මාස 7ක් පුරා අඛණ්ඩව පැවති එම දර්ශකයේ මාසික අවගමනය අවසන් වී බවයි. පසුගිය වසරේ දෙවන භාගයේ සිට ආරම්භවූ ගෝලීය ආර්ථිකයේ පහත වැටීමේ ප්‍රවණතාව මන්දගාමී වී ඇති ආකාරයක් ද ඉන් පිළිබිඹු වෙයි.

චීන ආර්ථිකයේ ශක්තිමත් ප්‍රකෘතිමත් වීම ඊට ප්‍රධාන හේතුව බව චීනයේ ප්‍රතිපත්ති විද්‍යා පර්යේෂණ සංගමයේ නිලධාරි Xu Hongcai මහතා විශ්වාස පළ කරයි. ජනවාරි මාසයේදී චීන‍ නිෂ්පාදන කර්මාන්තයේ මිළදී ගැනීමේ කළමණාකරුවන්ගේ දර්ශකය 50.1%ක් වූ අතර එය පෙර මාසයට වඩා 3.1කින් වැඩි වීමකි. එය ගෝලීය ආර්ථික පසුබෑම වැළැක්වීමේ ප්‍රධාන පිටුබලයක් බවට පත්ව ඇතැයි සඳහන් කෙරේ.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම