පාකිස්ථානයේ හිටපු ජනපතිගේ අභාවය වෙනුවෙන් චීනයේ ශෝකය
2023-02-06 18:47:50
Share with:

පාකිස්ථාන හිටපු ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් චීනය ශෝකය පළ කරයි.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාකිස්ථාන හිටපු ජනාධිපති Pervez Musharraf මහතා ඊයේ(5) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අභාවය වෙනුවෙන් චීනය ශෝකය පළ කරන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළාය. එහිදී Pervez Musharraf මහතාගේ ඥාතීන් වෙත ද සංවේගය පළ කෙරිණ. චීන ජනතාවගේ පැරණි මිතුරෙක් වන Pervez Musharraf මහතා චීන පාකිස්ථාන සබඳතා වර්ධනයට වැදගත් දායකත්වය දරා තිබේ. පාකිස්ථානය සමග නව යුගයේ වඩාත් සමීප වන පොදු ඉරණමක් සහිත චීන පාකිස්ථාන ඒකකය ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය පැවසීය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම