ඇමරිකාව චීනයේ පාලනයෙන් ගිලිහී ගිය බැලූනයට පහර දීම පිළිබඳව චීනයේ දැඩි අප්‍රසාදය
2023-02-06 16:40:33
Share with:

ඇමරිකාව චීනයේ පාලනයෙන් ගිලිහී ගිය බැලූනයකට පහර දීම පිළිබඳව චීනය දැඩි අප්‍රසාදය පළ කරයි.

එම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීන උප විදේශ අමාත්‍ය ශියේ ෆෙං මහතා ඊයේ (5) චීන රජය නියෝජනය කරමින් චීනයේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත සිය අප්‍රසාදය පළ කර ඇත. චීනයේ එම බැලූනය ඇමරිකාවේ ගුවන් සීමාවට ඇතුළු වූයේ පාලනය කළ නොහැකි සාධක‍ ‍හේතුවෙන් බව ශියේ ෆෙං මහතා අවධාරණය කරයි. ඇමරිකාව චීනයේ එම බැලූනයට ප්‍රහාර එල්ල කිරීම පමණ ඉක්මවා යාමකි. එම ක්‍රියාව ජාත්‍යන්තර නීති රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. ඇමරිකාවේ ක්‍රියාකලාපය පිළිබඳව චීනය දැඩි ලෙස විරෝධය  පළ කරන බව චීන උප විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම