තුර්කියේ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
2023-02-06 16:23:50
Share with:

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 912ක් පමණ මිය ගොස් ඇතැයි තුර්කි ජනාධිපති RecepTayyip Erdogan මහතා අද(6) ප්‍රකාශ කළේය. තුර්කි ආපදා හා හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව අද(6) පළ කළ නිවේදනයට අනුව අද(6) අළුයම එර‍ට අග්නිදිග ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. පුද්ගලයින් 5385ක් පමණ ඉන් තුවාළ ලබා ඇත. නිවාස 2818ක් පමණ බිමට සමතලා වී තිබේ.තුර්කි රජයේ අදාළ දෙපාර්තමේන්තු සහනාධාර සේවා කඩිනම් කොට තිබේ. තුර්කි අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමති Süleyman Soylu මහතා පැවසුවේ සහනාධාර හා හදිසි තත්ත්වය ඉහළ ම මට්ටමට නංවා ඇති බවයි. තුර්කිය හැර ලෙබනනය හා සිරියාව ඇතුළු ආසන්න රටවලට ද එම භූමි කම්පාවෙන් බලපෑම් එල්ල වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම