උරුමයන් ආරක්ෂා කර ගනිමින් රට ගොඩනැංවිය යුතු බව ජනපති පවසයි
2023-02-06 19:41:07
Share with:

රට ගොඩ නැංවිය යුත්තේ අප උරුමයන් ආරක්ෂා කර ගනිමින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  ඊයේ (05) රාත්‍රී කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි වාර්ෂික නවම් මහා පෙරහැර විථි සංචාරය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව  පැවසීය.

විවිධ මතිමතාන්තර පැවතිය ද 75 වැනි නිදහස් උත්සවය ඊට ආවේණික උරුමයන් සමඟ සැමරීමට කටයුතු කළේ, උරුමයන් රැකගනිමින් අප ඉදිරියට යා යුතු බැවින් බවද ඔහු සඳහන් කළේය.

පෙරහැර වීථි සංචාරය කිරීම සඳහා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සිදුකරනු ලැබීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම