තුර්කියේ සහ සිරියාවේ ප්‍රබල භූමිකම්පා පිළිබඳව චීන ජනාධිපතිවරයා ශෝකය පළ කරයි
2023-02-06 19:54:56
Share with:

තුර්කියේ සහ සිරියාවේ සිදු වූ ප්‍රබල භූකම්පා පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දෙරටේ ජනාධිපතිවරුන්‍ වෙත ශෝක පණිවුඩ යොමු කරයි. අද(6) තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan මහතා වෙත හා සිරියාවේ ජනාධිපති Bashar al-Assad මහතා වෙත වෙන් වෙන් ව එම ශෝක පණිවුඩ නිකුත් කළේය.

ප්‍රබල භූකම්පා හේතුවෙන් ජීවිත සහ දේපල හානි සිදුවී ඇති බව දැනගත් විගස තමා කම්පනයට පත් වූ බව ෂී ජින් පිං මහතා එහිදී පවසා තිබේ. චීන රජය සහ ජනතාව වෙනුවෙන්, භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත්, විපතට පත් වූවන්ගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට අවංක සංවේගය පළ කරන බවත්, ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම