අප්‍රිකානු කලාපය සමඟ ව්‍යාපාරික සබඳතා පුළුල් කර ගැනීමට රජයේ අවධානය
2023-02-06 19:44:47
Share with:

ශ්‍රී ලංකාව සහ අප්‍රිකානු කලාපය සමඟ සිදු කරන ව්‍යාපාරික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි.  අප්‍රිකානු කලාපයේ දූත මණ්ඩල ප්‍රධානීන් 17 දෙනකු සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පසුගියදා  පැවැත්විණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රිකානු දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ ප්‍රතිඵල ක්‍රියාවට නැංවීමේ අදියරක් ලෙස මෙම සාකච්ඡා වටය පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට අප්‍රිකානු කලාපීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම