මිනිසුන් රහිත ගුවන් යානයක් බිම හෙළීමේ ඇමරිකානු ක්‍රියාමාර්ගයට චීනයේ දැඩි විරෝධය
2023-02-05 15:38:08
Share with:

ඇමරිකාව බලය අනිසි ලෙස යොදාගනිමින්, තම රටේ, මිනිසුන් රහිත සිවිල් ගුවන් යානයකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි අතෘප්තිය සහ විරෝධය පළකරයි.  චීන විදේශ අමාත්‍යාංශය අද (05) නිවේදනයක් නිකුත් කරමින් මේ බව පැවසීය.

චීන පාර්ශ්වය ගුවන් යානයේ සිවිල් තත්ත්වය පිළිබඳව ඇමරිකානු පාර්ශ්වයට යළි යළිත් තහවුරු කර ඇති අතර, බලහත්කාරයෙන් ඇමරිකාවට ඇතුළුවීමේ අපේක්ෂාවක් නොවූ බව ද පවසා තිබේ.  සන්සුන්ව, වෘත්තීයමය අයුරින් මෙන්ම සංයමයකින් යුතුව අදාළ කරුණු මෙහෙයවන ලෙස ද චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු 03 වැනිදා පැවසුවේ, මෙම සිවිල් ගුවන් යානය පර්යේෂණ සඳහා, එනම්  ප්‍රධාන වශයෙන් කාලගුණ විද්‍යාත්මක කටයුතු වෙනුවෙන් භාවිත කරන බවයි.  බටහිර සුළං ධාරාවන්ගේ බලපෑමට ලක් වූ, සීමිත ස්වයං-මෙහෙයුම් හැකියාවක් සහිත යානය එහි සැලසුම්ගත පථයෙන් බොහෝ දුරස් වී තිබේ.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා  පවසා ඇත්තේ ද පොළොවේ සිටින පුද්ගලයන්ට ඉන් මිලිටරි හෝ වෙනත් තර්ජනයක් එල්ල නොවන බවයි.

තත්ත්වය එසේ තිබිය දී ඇමරිකාව මෙලෙස බලය යොදාගැනීම පැහැදිලිවම පමණ ඉක්මවා ගිය ප්‍රතික්‍රියාවක් වන අතර, ජාත්‍යන්තර පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.  අදාළ සමාගමේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා චීනය තරයේ ආරක්ෂා කරන අතර, අවශ්‍ය නම් වැඩිදුර ප්‍රතිචාර දැක්වීමේ හිමිකම රඳවා තබා ගන්නා බව ද එම ප්‍රකාශකයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම