තම රටේ තෙල් නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක මිල සීමාවන්ට එරෙහිව රුසියාවෙන් දැඩි ප්‍රතිචාර
2023-02-05 15:59:24
Share with:

යුරෝපා සංගමය රුසියානු තෙල් නිෂ්පාදන සඳහා අද (5) සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් මිල සීමා පනවයි. පසුගිය වසරේ යුක්රේනය සමඟ ඇති වූ ගැටුමෙන් පසු, එම සංගමය රුසියානු ඉන්ධන සඳහා සම්බාධක පැනවූ තුන්වැනි අවස්ථාව මෙයයි.

 රුසියාවේ නිෂ්පාදිත ඩීසල් වැනි මිල අධික ඉන්ධන බැරලයක් ඩොලර් 100 ක් සහ මිල අඩු තෙල් බැරලයක් ඩොලර් 45 ක් වශයෙන් උපරිම මිල සීමා නියම කරන බව යුරෝපා කොමිසම මීට පෙර දැනුම් දී තිබිණ.

යුරෝපා සංගමයේ සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන්, සෘජුව හෝ වක්‍රව මිල සීමා කිරීමේ නිරත සියලු නෛතික ආයතන සහ පුද්ගලයන්ට තෙල් සැපයීම නිල වශයෙන් තහනම් කිරීමට රුසියාව මේ වනවිටත් පියවර ගෙන තිබේ. පෙබරවාරි පළමුවැනිදා පනවන ලද මෙම තහනම ජූලි පළමුවැනිදා  දක්වා බලපැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම