හිටපු ජගත් මහලේකම් බෑන් කී මුන් මහතා හෙට (06) දිවයිනට
2023-02-05 16:43:01
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වු බෑන් කී මුන් මහතා , හෙට (06) දිවයිනට පැමිණෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමකට අනුව මෙම සංචාරය සිදුවෙයි.

සෝල් නුවර පිහිටි ගෝලීය හරිත වර්ධන ආයතනයේ වත්මන් සභාපතිවරයා වන බෑන් කී මුන් මහතා මෙරට රැඳීසිටින කාලය තුළ තිරසර සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට අදාළ ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතයි. ලබන 07 වැනිදා ජනාධිපතිවරයා සමග  ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්වන ඔහු,  ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විශ්වවිද්‍යාලය කෙරෙහි ද  අවධානය යොමුකරනු ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම