ගෑස් මිල යළිත් ඉහළට
2023-02-05 17:11:57
Share with:

ලිට්‍රෝ සමාගම යළිත් ගෑස් මිල ඉහළ නංවයි. අද (05) මධ්‍යම රාත්‍රියේ සිට නව මිල ක්‍රියාත්මකයි.

ඒ අනුව, රුපියල් 4,409 ක් වූ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 334 කින් වැඩි කෙරෙන අතර, එහි නව මිල රුපියල් 4,743 කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස්  සිලින්ඩරයක් මීට පෙර රුපියල් 1,170 කට අලෙවි කෙරුණු අතර,  එහි මිල රුපියල් 134 කින් ඉහළ දමා තිබේ.

එමෙන්ම රුපියල් 822කට අලෙවි කෙරුණු කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල වැඩී වී ඇත්තේ රුපියල් 61 කිනි.

මෑතක දී ලෝක වෙළඳපොළේ වාර්තා වූ ඉහළම ගෑස් මිල වැඩිවීම මේ මාසයේ සිදුවීම නිසා මෙලෙස මිල වැඩිකිරීමට සිදු වූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ බලධාරීහු පවසති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම