නිව්යෝර්ක් නගරය වාර්තාගත ඉන්ධන ප්‍රමාණයක් ඉන්දියාවෙන් මිලට ගනී
2023-02-05 15:45:01
Share with:

ඇමරිකාවේ නිව්යෝර්ක් නගරය මේ මාසයේ ඉන්දියාවෙන් එක් දිනක දී පෙට්‍රල් සහ ඩීසල් බැරල් 89000 ක් පමණ මිලදී ගනී. බිස්නස් ඉන්සයිඩර් පුවත් සේවය ඉකුත් 3 වැනිදා මේ බව වාර්තා කළේය. එසේම, බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවයේ වාර්තාවකට අනුව,  වසර හතරකට ආසන්න කාලයක් තුළ නිව්යෝර්ක් නගරය ඉන්දියාවෙන් මිලදී ගත් විශාලතම ඉන්ධන ප්‍රමාණය මෙය වේ. මෙහි බොහෝ දුරට අන්තර්ගත වන්නේ රුසියානු තෙල් බව ද පැවසේ.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හටගත් දා සිට, බටහිර රටවල් සම්බාධක පැනවීම හේතුවෙන් ඉන්දියාව රුසියාවේ විශාල තෙල් ගැනුම්කරුවෙකු බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම