බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය සැමරීමේ පළමුවැනි සංවත්සරය නිමිත්තෙන් ක්‍රියාකාරකම් මාලාවක් ඇරඹේ.
උළෙලේ පළමුවැනි සාංවත්සරික දිනය වූ ඊයේ (4) රාත්‍රියේ, බෙයිජිං හි අයිස් හොකී ශාලාවේ දී සමාරම්භක උත්සවය පැවැත්විණ.
වීඩියෝ සංදර්ශන, ශීත සෘතු ඔලිම්පික් උළෙල පිළිබඳ ගීත සහ කෙටි චිත්‍රපට එම උත්සවයේ දී ඉදිරිපත් කෙරිණ. එහි දී නිර්මාණය වූ උද්යෝගිමත් ඔලිම්පික් පරිසරය, වසරකට පෙර පැවති බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පිළිබඳව ජනතාව සතු ආදරණීය මතකයන් යළි අවදි කිරීමට සමත් විය. මෙම ක්‍රියාකාරකම් පශ්චාත් ශීත ඍතු ඔලිම්පික් කාලපරිච්ඡේදය තුළ බෙයිජිං නගරයේ ශීත සෘතු ඔලිම්පික් උරුමය ඉදිරියට ගෙන යාම හා ප්‍රයෝජනයට ගැනීම මනාව පිළිබිඹු කරයි. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අධ්‍යාත්මය මින් අර්ථකථනය කර තිබේ.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා මෙම සැමරුමට වීඩියෝ ආකාරයෙන් තම සුබ පැතුම් පිරිනැමීය. බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය හා අසිරිය ඔහුගේ ඇගැයීමට ලක්විය. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල, ‘මිලියන 300 ක ජනතාවක් අයිස් හා හිම ක්‍රීඩා සඳහා සහභාගි කරවීම, ලෝකය පුරා බිලියන 2 කට වැඩි ජනතාවක් ඔලිම්පික් ක්‍රීඩා නැරඹීම සහ සියලුම තරඟ ස්ථාන මහජනතාවට විවෘත කිරීම’ යන ඉලක්ක මැනැවින් සාක්ෂාත් කර ඇත. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පොහොසත් උරුමයක් ශේෂ කර ඇති අතර, එය සාමාන්‍ය ජනතාවට ප්‍රතිලාභ ලබා දී ඇති බව ද බැච් මහතා කියාසිටී. එසේම, එය බොහෝ අංශවලින් ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා නව ආදර්ශන ගොඩනගා ඇති බව ද හෙතෙම පැවසීය.