ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට තමන් සූදානම් බව ජනපති කියයි
2023-02-05 14:54:24
Share with:

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදීමකට ක්‍රියාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමගින් රට බෙදීමට කිසිලෙසකින් හෝ ඉඩ නොතබන බවට ද හෙතෙම සහතික වෙයි. ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සමරුව නිමිත්තෙන් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ඊයේ (04) මේ බව පැවසීය.

අහිමි වී ඇති නිදහස යළි දිනාගැනීම මේ අවස්ථාවේ රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් ඇති කළ බෙදීම් මෙන්ම පොරොන්දු දේශපාලනය ද රට අගාධයට ඇද දැමීමට හේතුවිය. ඇතැම් දේශපාලනික පක්ෂ පෙන්වාදෙන කෙටි මාර්ග අනුගමනය කරමින් පවතින අර්බුදයෙන් මිදිය නොහැකිය. ආර්ථිකය නවීකරණය කර, ලෝකයට විවෘත කළ යුතුය. ශක්තිමත් ආර්ථිකයක් සදහා මූලික පදනම මේ වනවිට සකස් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ කාර්යය මේ වන විට බොහෝදුරට සාර්ථක වී ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය.

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සඳහා ඇමති මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇතැයි ද හෙතෙම කියාසිටී. වසර 2048 වන විට ශ්‍රී ලංකාව ලොව ඉහළින්ම ඇති රටක් බවට පත්කිරීම රජයේ ඉලක්කයයි. ඒ සඳහා සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම