ඇමරිකාව යුක්රේනයට යළිත් ආයුධ සැපයීම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනු ඇතැයි රුසියාව කියයි
2023-02-04 15:52:57
Share with:

ඇමරිකාව යුක්රේනයට යළිත් ආයුධ සහ උපකරණ සැපයීම තත්ත්වය තවදුරටත් තීව්‍ර කරනු ඇතැයි රුසියාව පෙන්වාදෙයි.

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (3) නිවේදනය කළේ, කිලෝමීටර් 150ක් දක්වා පරාසයක විහිදෙන දිගු දුර රොකට් යානා ඇතුළුව ඩොලර් බිලියන 2.2ක් පමණ වටිනා අතිරේක යුද උපකරණ යුක්රේනයට ලබාදෙන බවයි. ඊට ප්‍රතිචාර දක්වන රුසියානු ජනාධිපති මාධ්‍ය ලේකම් දිමිත්‍රි පෙස්කොව් මහතා, ඇමරිකාවේ ක්‍රියාමාර්ගය නිසැකවම තත්වය තීව්‍ර කරනු ඇති බව පැවසීය.

දිමිත්‍රි පෙස්කොව් මහතා පෙන්වාදෙන්නේ, ඇමරිකාව විසින් යුක්රේනයට දිගු දුර රොකට් යානා සැපයීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීම වැනි ක්‍රියාවක් බවයි. එය  පවතින ආතතීන් තවදුරටත් තීව්‍ර කරනු ඇත. නමුත් ඇමරිකාවේ මෙම පියවර සමස්ත ක්‍රියාපටිපාටියේ ගමන් මග වෙනස් නොකරන බවත්,තමරට විසින් ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගන්නා තෙක් විශේෂ හමුදා මෙහෙයුම් සිදු කිරීමට රුසියාව දිගටම ක්‍රියා කරන බවත් රුසියානු ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කරයි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ රුසියාව යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කිරීමෙන් පසු, ඇමරිකාව  යුක්රේනයට ඩොලර් බිලියන 27.2 ක පමණ යුද උපකරණ ලබා දී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම