චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අතර දුරකථන සංවාදයක්
2023-02-04 15:33:20
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික සහ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභා කාර්යාලයේ අධ්‍යක්ෂ වං යී මහතා, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.

ඇමරිකානු පාර්ශ්වයේ ඉල්ලීමක් අනුව මෙම සංවාදය ඊයේ (3) සවස සිදුකෙරිණ. සාමකාමීව සහ වෘත්තීයමය ආකාරයෙන් හදිසි අවස්ථා හැසිරවිය යුතු ආකාරය පිළිබඳව දෙපාර්ශ්වය මෙහිදී අදහස් හුවමාරු කර ඇත.

වගකිවයුතු රටක් වන චීනය සෑමවිටම ජාත්‍යන්තර නීතිය දැඩි ලෙස පිළිපදින බව Wang Yi මහතා අවධාරණය කළේය. කිසිදු පදනමක් නැති කල්පිතයන් හෝ ප්‍රහසනයක් චීනය පිළිනොගනී. අනපේක්ෂිත අවස්ථාවන්හි දී, දෙපාර්ශ්වය කළ යුත්තේ දැඩි අවධානයෙන් යුතුව, කාලෝචිත ලෙස සන්නිවේදනය කරමින් වැරදි විනිශ්චයන් වළක්වාගෙන වෙනස්කම් කළමනාකරණය කිරීම බව ද Wang Yi මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම