බටහිර රටවල් රැසක් තුර්කියේ ස්ථාපිත ඔවුන්ගේ කොන්සල් කාර්යාල වසා දැමීම සම්බන්ධයෙන් එරට අප්‍රසාදය
2023-02-04 16:25:58
Share with:

බටහිර රටවල් රැසක් ආරක්ෂක හේතු මත බව පවසමින් තුර්කියේ කොන්සල් කාර්යාල වසා දැමීම පිළිබඳව, තුර්කි විදේශ අමාත්‍ය Mevlut Cavusoglu මහතා සිය අප්‍රසාදය පළකරයි. ඊයේ(3) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඇතැම් බටහිර රටවල් ඊනියා "ආරක්ෂක හේතූන්" මත ඉස්තාන්බුල්හි ඔවුන්ගේ කොන්සල් කාර්යාල වසා දමා ඇති නමුත්, එම රටවල් ඒ සම්බන්ධ කරුණු කිසි විටෙකත් තුර්කියට පැහැදිලි කර නැත. එය "වෙනත් අරමුණක් සහිත" ක්‍රියාවක් යැයි තුර්කිය විශ්වාස කරන බව Mevlut Cavusoglu මහතා පැවසීය.

ජර්මනිය, නෙදර්ලන්තය සහ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් රැසක් තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි ඔවුන්ගේ කොන්සල් කාර්යාල පසුගිය දා තාවකාලිකව වසා දමා ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම