75 වැනි ජාතික නිදහස් දිනය අද (04) යි
2023-02-04 15:09:19
Share with:

75 වැනි ජාතික නිදහස් දිනය උත්කර්ෂවත් අයුරින් සැමරේ.  ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණ. බටහිර ජාතීන්ට යටත්ව සිටි ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි  04 වැනිදා නිදහස් රාජ්‍යයක් බවට පත්විය.

නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, 75 වැනි ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාව අතිශයින් තීරණාත්මක හා අභියෝගාත්මක කාලයක් බවයි. මෙවර නිදහස් සැමරුමෙන් ආරම්භ වන නව ප්‍රතිසංස්කරණවාදී ගමන්මග 2048 වසරේ සියවැනි නිදහස් දින දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම රජයේ අරමුණයි. සියවැනි නිදහස් සැමරුමේදී ඉහළ ආර්ථීක සමෘද්ධියක් ළඟා කරගත්, ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත්වන නව ශ්‍රී ලංකාවක් නිර්මාණය වනු ඇති බවට ජනාධිපතිවරයා විශ්වාසය පළකරයි.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා අද (04) සවස ජාතිය ඇමතීමට නියමිතය. 75 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා මෙලෙස ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම