චීනයේ නව බලශක්ති මෝටර් රථ කර්මාන්තය තවදුරටත් බලගැන්වේ
2023-02-04 16:59:16
Share with:

නව බලශක්ති මෝටර් රථ කර්මාන්තයේ සාර්ථකත්වය චීනය තවදුරටත් තහවුරු කරයි.

චීන කාර්මික හා තොරතුරු තාක්ෂණ කටයුතු අමාත්‍යාංශය සහ ගමනාගමන අමාත්‍යාංශය ඇතුළු ආයතන 8ක්, රට පුරා පොදු ප්‍රවාහන සේවා සඳහා යොදා ගන්නා මෝටර් රථ පූර්ණ වශයෙන් විදුලියෙන් ක්‍රියා කිරීමේ හැකියාව අත්හදා බැලීමේ සේවා මධ්‍යස්ථාන රැසක් ඊයේ (03)  විවෘත කළේ ය. මෙමගින් චීනයේ නව බලශක්ති මෝටර් රථ පරිභෝජනය තවදුරටත් පුළුල් කරමින්, පරිසර හිතකාමී සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂිත ය. මෙම සේවා මධ්‍යස්ථාන මේ වසරේ සිට 2025 වසර දක්වා ක්‍රියාත්මක වනු ඇත. නිල වාහන, බස් රථ, පවිත්‍රකරණ සේවා, කුලී ප්‍රවාහන, තැපැල්, භාණ්ඩ සැපයුම් හා ගුවන් තොටුපළ සේවා යන ක්ෂේත්‍ර 7ක වාහන ඊට ඇතුළත් ය.

චීන කාර්මික හා තොරතුරු කටයුතු අමාත්‍යාංශයේ දත්ත අනුව, පසුගිය වසරේ චීනය අලෙවි කළ නව බලශක්ති මෝටර් රථ සංඛ්‍යාව 68ලක්ෂ 87දහසකි. එම ක්ෂේත්‍රයේ, අඛණ්ඩ වසර 8ක් පුරා ලොව ප්‍රමුඛස්ථානය චීනය සතු වීම විශේෂත්වයකි.a

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම