ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2023-02-04 11:59:45
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

එහිදී ෂී ජින් පිං මහතා චීන රජය හා ජනතාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා රජය හා ජනතාවට ශුභාශිංසන පිරිනමා ඇත.  චීන-ශ්‍රී ලංකා මිත්‍ර සබඳතාව ආරම්භ වූයේ අතීත යුගයේ සිට බව චීන ජනාධිපතිවරයා පෙන්වාදෙයි. දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව, ජාත්‍යන්තර දේශපාලන අභියෝගයන්ට එක්ව මුහුණ පාමින් මෙන්ම, අසල්වැසි රටවල් අතර මිත්‍රශීලි සහයෝගිතා පැවැත්වීමෙන් පොදු-ජයග්‍රාහී බව අත්කර ගැනීමේ ආදර්ශයක් බවට පත් ව ඇත. මෑත වසරවලදී, දෙරට ඉහළ පෙළේ නිලධාරීන් සමීප සම්බන්ධතාවක් පවත්වා ඇති අතර, බහුවිධ ක්ෂේත්‍රවල අදහස් හුවමාරු හා සහයෝගිතා අඛණ්ඩ ව පුළුල් කෙරෙමින් පවතී.

චීන-ශ්‍රී ලංකා සබඳතාව තමා ඉහළින් වැදගත් කොට සලකන බව ද ෂී ජින් පිං මහතා සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව දෙරට අවංක, පාරම්පරික මිත්‍රශීලි  උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය නව ඉහළ මට්ටමකට රැගෙන යාමට කැමැත්තෙන් පසුවන බව ද ෂී ජින් පිං මහතා සිය පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම