ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට චීන අගමැතිගෙන් සුබ පැතුම්
2023-02-04 12:03:30
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා, ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරයි.

ලී ක ච්‍යං මහතා පවසන්නේ, චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික ගැඹුරු මිතුදමක් මෙන්ම, මනා උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වයක් පවතින බවයි. මෑත වසරවලදී දෙරට ‘ එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනගමින්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සැලසෙන සහයෝගිතා අඛණ්ඩ ව තහවුරු කර තිබේ. එසේම, එක්ව අර්බුදයන්ට මුහුණ දෙමින් දෙරට ජනතාවගේ සුබසෙත ආරක්ෂා කර ඇත.

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා සමග එක්ව දෙරට අවංක, පාරම්පරික මිත්‍ර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරීත්වය නව ඉහළ මට්ටමකට රැගෙන යාම තම අපේක්ෂාව බව ද චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සිය පණිවුඩයෙන් කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම