ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කළ සාවද්‍ය ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2023-02-03 19:55:23
Share with:

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය පිළිබඳව කළ සම්පූර්ණ වැරදි ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළකරයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා ‘ජාත්‍යන්තර ආගමික නිදහස් සමුළුවේ’ දී කළ දේශනයක දී පැවසුවේ, ආගමික නිදහස උල්ලංඝනය කරන රටවල් 10 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් මාසයේ සිට ‘දැඩි අවධානයකින්’ පසුවන බවයි. ප්‍රධාන වශයෙන් ඉස්ලාම් ආගම අදහන උයිගුර් ජාතිකයන්ට එරෙහිව ජන සංහාරයන් සිදුකරන චීනය ද ඊට ඇතුළත් බව ඔහු ප්‍රකාශ කර ඇත.

කිසිදු පදනමකින් තොර මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය අද(03) පැවති  නිත්‍ය මාධ්‍ය හමුවේ දී  කියාසිටියේ, මෙය චීනයේ ආගමික ප්‍රතිපත්තිය දැඩි ලෙස අපකීර්තියට පත් කිරීමක් බවයි. චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බලපාන මෙවැනි ප්‍රකාශයන්ට චීනය තරයේ විරෝධය පළ කරයි. චීන පුරවැසියන් නීත්‍යනුකූල ව ආගමික නිදහස අත්විඳින බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම