ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බව චීනය පවසයි
2023-02-03 17:35:25
Share with:

චීන- ශ්‍රී ලංකා දෙරටේ නිල ණය හිමියෙකු ලෙස, චීන අපනයන-ආනයන බැංකුව, ජනවාරි 19 වැනිදා ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ලේඛනයක් නිකුත් කරමින්, 2022 සහ 2023 දී ශ්‍රී ලංකාවේ ණය කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමට කැමැත්ත පළ කළ බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය කියාසිටී.  අද(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඇය මේ බව පැවසුවාය. මධ්‍යම කාලීන සහ දිගුකාලීන ණය පිළිබඳ විසඳුමකට එළඹීම  සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සාකච්ඡා කිරීමටත්, ශ්‍රී ලංකාවට ණය තිරසරභාවය ලබාදීම උදෙසා මෙම කාල සීමාවෙන් ප්‍රයෝජන ගැනීමටත් චීනය සූදානමින් සිටී.

ණය අර්බුදය ඇතිවීමෙන් පසු ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ යෝජනාවක් ප්‍රකාශයට පත් කළ පළමු ද්විපාර්ශ්වික නිල ණයහිමියා චීනය බව ද Mao Ning මහත්මිය පැවසුවාය.  එය චීනයේ අවංකභාවය සහ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට දරන උත්සාහය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කිරීමකි. මීට සමාන ක්‍රියාමාර්ග ඔස්සේ, පවතින දුෂ්කරතාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට ඵලදායී සහ ශක්තිමත් සහයෝගයක් ලබා දෙන්නැයි, බහුපාර්ශ්වික ණය හිමියන් ඇතුළු සෙසු  සියලුම ණය හිමියන්ගෙන් චීනය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව සමඟ ණය බැහැර කිරීමේ සැලසුම් ක්‍රියාකාරීව සාකච්ඡා කිරීම සඳහා අදාළ මූල්‍ය ආයතනවලට අඛණ්ඩව සහය දක්වන චීනය, වත්මන් දුෂ්කරතාවලට නිසිලෙස මුහුණ දී, ණය බර අඩු කර, තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා, අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද Mao Ning මහත්මිය අවධාණය කළාය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම