සොලමන් දූපතේ සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමෙන් ගරුත්වය හා සමානාත්මතාවය ගොඩනැංවිය යුතුමයි
2023-02-03 22:58:18
Share with:

සොලමන් දූපත් රාජ්‍යයේ වසර 30ක් තිස්සේ වසා දමා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය දා යළි විවෘත කෙරිණ. එසේම, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  නිවේදනය කර ඇත්තේ, ශාන්තිකර කලාපය වෙත  රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් වැඩි පිරිසක් යොමුකරන බවයි. තම ව්‍යාපෘති හා සම්පත් මගින් සොලමන් දූපතේ ඉල්ලුම් සඳහා ප්‍රතිචාර දැක්වීම ඔවුන්ගේ අපේක්ෂාවයි.  මෙය, ඇමරිකානු රජය ‘චීනයට පීඩා එල්ල කිරීම ’ මෙන් ම ‘ආසියා ශාන්තිකර කලාපය හා සම්බන්ධ සැලසුම් කඩිනම් කිරීම ’ සඳහා වන නවතම පියවර බව බටහිර මාධ්‍ය පෙන්වා දී ඇත.

1988 වසරේ ඇමරිකාව සොලමන් දූපතේ සිය තානාපති කාර්යාලය නිල වශයෙන් ස්ථාපනය කළේ ය. සෝවියට් සංගමය, ශාන්තිකර කලාපය හා පැවැත්වූ සබඳතා පිළිබඳව ඇමරිකාවට තිබූ කණස්සල්ල ඊට හේතුව බව ද වාර්තා විය. සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග, එම තානාපති කාර්යාලය 1993 වසරේ දී හදිසියේ ම වසා දැමිණ. ඉන්පසු වසර 30ක පමණ කාලයක් තිස්සේ දකුණු ශාන්තිකර කලාපය කෙරෙහි ඇමරිකාව ඉහළ අවධානයක් දක්වා නැත. 

එහෙත්, පසුගිය වසරේ එම තත්ත්වය යළිත් අනපේක්ෂිත ව වෙනස් විය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ, චීනය, සොලමන් දූපත සමග, ආරක්ෂක සහයෝගිතා ගිවිසුම අත්සන් කළේ ය. සොලමන් දූපතේ දිගුකාලීන සමාජයීය ස්ථාවරත්වය තහවුරු කිරීම එහි අරමුණයි. ඇමරිකාවේ නොසන්සුන්භාවයට හේතු වී ඇත්තේ මෙම සහයෝගිතාවයි. 

මේ නිසා, ඇමරිකාව ඕස්ට්‍රේලියාව සමග එක්ව චීන-සොලමන් දූපත් ආරක්ෂක සහයෝගිතාව අපකීර්තියට ලක් කළේය. එසේම, ධවල මන්දිරයේ උපදෙස් අනුව, ජාතිකාරක්ෂක කවුන්සිලයේ ඉන්දු-ශාන්තිකර කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක Kurt Campbell  සොලමන් දූපතට ගොස් චීන-සොලමන් දූපත් සහ‍යෝගිතාවට බාධා කිරීමට ද උත්සාහ දැරීය.

විශාල රටවල සටන් භූමියක් බවට පත්වීමට ශාන්තිකර කලාපයේ දූපත් රාජ්‍ය කැමැත්තක් දක්වන්නේ නැත. වසර 30ක් වසා දැමුණු සොලමන් දූපතේ සිය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමෙන් ඇමරිකාව සැබෑ ලෙස ම ඉටු කළ යුත්තේ ශාන්තිකර කලාපයේ රටවල් කෙරෙහි දක්වන ගරුත්වය හා සමානාත්මතාවය යළි ගොඩනැංවීම බවට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම