ත්‍රස්තවාදයට එරෙහි ඉරාක සටනට අඛණ්ඩව සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී
2023-02-03 13:56:51
Share with:

එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා ඊයේ(2) ඉරාකය පිළිබඳ සාකච්ඡා කළ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමේ දී පෙන්වා දුන්නේ, ඉරාකයේ වත්මන් ආරක්ෂක තත්ත්වය තවමත් දරුණු වන අතර, ත්‍රස්තවාදී  අවශේෂ විසින් අසමමිතික ප්‍රහාර අඛණ්ඩවම දියත් කරන බවයි.

ඉරාකයේ සාමය ස්ථාවර කලාපීය පරිසරයකින් වෙන් කළ නොහැකිය.එමෙන්ම ඉරාකය යනු භූ දේශපාලන තරඟය සඳහා ක්‍රීඩා පිටියක් නොවන බවත්, චීනය නැවත නැවතත් එහි දී අවධාරණය කළේ ය.

ත්‍රස්තවාදයට එරෙහිව කැපවීමෙන් යුතුව ලබා ගත් ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා, ඉරාකයේ ත්‍රස්තවාදයට එරෙහි සටනට ජාත්‍යන්තර ප්‍රජාවට අඛණ්ඩව සහය දක්වන ලෙසත්, "ඉස්ලාමීය රාජ්‍යය" ලෙස හඳුන්වන ත්‍රස්තවාදී සහ අන්තවාදී බලවේග තුරන් කිරීම සහය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

අදාළ සියලුම පාර්ශවයන් ඉරාකයේ ස්වෛරීත්වය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත්, ඉරාක රජය සමඟ සහයෝගීතාවයෙන් තමන්ට අදාළ ආරක්ෂක ගැටළු විසඳා ගත යුතු බවත් Dai Bing මහතා එහි දී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම