ගෝලීය වෙළඳ සැපයුම් ජාලයේ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයෙන් පුළුල් කාර්යභාරයක්
2023-02-03 15:58:05
Share with:

   මේ වසරේ ගෝලීය වෙළඳ සැපයුම් ජාලය ස්ථාවර කිරීම වෙනුවෙන් චීනය වඩාත් පුළුල් කාර්යභාරයක් ඉටු කරන බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

    ‍අනපේක්ෂිත බාධා රැසක් හමුවේ වුවද පසුගිය වසරේ චීන ආනයන හා අපනයන වටිනාකම ප්‍රථම වරට චීන යුවාන් ට්‍රිලියන 40ක් ඉක්මවා ගිය බව චීන වාණිජ අමාත්‍යාංශයේ නිලධාරීහු ඊයේ (2) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියහ. වර්තමානයේ විදේශ වෙළඳාම ඉතා බැරෑරුම් තත්ත්වයක පවතී. එහෙයින් තම රට සතු සුවිශාල පරිමාණ වෙළඳපොළ උපයෝගී කරගෙන ගෝලීය වෙළඳ සැපයුම් ජාලය ස්ථාවර කිරීම සඳහා චීනය පුළුල් කාර්යභාරයක් ඉටු කරනු ඇත. එසේම, මේ වසරේ විදේශ වෙළඳාම් ව්‍යූහය තවදුරටත් පූර්ණත්වයට පත්කරමින්, අපනයන ස්ථාවර කර ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ද කටයුතු කරන බව චීන වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙ‍ළඳාම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා කියා සිටියේ ය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම