ඔලිම්පික් ව්‍යාපාරයේ සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවන බව චීනය කියයි
2023-02-03 17:34:13
Share with:

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ අත්දැකීම් පදනම් කරගනිමින් ඔලිම්පික් ක්‍රීඩාවන්හි සංවර්ධනය සඳහා අඛණ්ඩව කැප වන බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(3) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සාර්ථකත්වය සැමරීමේ පළමුවැනි සාංවත්සරික දිනය හෙට(4) යි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුගියදා ලිපියක් පළ කරමින් බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල ලබාගත් ප්‍රතිඵල හා එහි සාධනීය බලපෑම් ඉහළින් අගය කළේය.

ඒ පිළිබඳව Mao Ning මහත්මිය පැවසුවේ, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමස්ත ක්‍රීඩාංගණ, 100%ක්ම හරිත විදුලිබල සැපයුම් මගින් ක්‍රියාත්මක වූ බවයි. එ‍‍සේම, බලශක්ති සම්පත් පිරිමැසුම් හා පවිත්‍ර බලශක්ති වාහන භාවිත කිරීමේ අනුපාතය 85%කට ආසන්න විය. ඒ අනුව, බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙල හරිත ඔලිම්පික් උළෙලක් ලෙස පවත්වන බවට වූ ප්‍රතිඥාව මැනැවින් ඉටු කළ බව ද Mao Ning මහත්මිය පැවසුවාය. මේ වන විට බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සියලුම තරඟ පැවැත්වූ ස්ථාන හා ක්‍රීඩාංගණ මහජනතාවගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත. චීනය විවිධ පාර්ශ්ව සමඟ හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කරමින් ඔලිම්පික් ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන බව ද Mao Ning මහත්මිය කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම