මෙරට සුබසාධන කටයුතු සඳහා යුරෝපා සංගමයෙන් රුපියල් කෝටි 700 ක්
2023-02-03 16:07:00
Share with:

ශ්‍රී ලංකා රජය ක්‍රියාවට නංවන සියලු සුබසාධන වැඩසටහන් ඇතුළත් සමාජ ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් කෝටි 700 ක් පිරිනැමීමට යුරෝපා සංගමය ඉදිරිපත් වෙයි.

සමෘද්ධි දීමනාව මෙන්ම වැඩිහිටි හා ආබාධ සහිතවූවන් සඳහා වන දීමනා ඇතුළු මෙරට සමාජ ආරක්ෂණ පද්ධතිය නැංවීම වෙනුවෙන් සහාය විය හැකි ක්‍ෂේත්‍ර හඳුනාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව හා මාලදිවයින කලාපය සම්බන්ධ යුරෝපා සංගම් නියෝජිත පිරිසක් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.

දීමනා ලැබිය යුතු පිරිස තෝරා ගැනීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය. එම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සැපයීමට ද පියවර ගන්නා බව, යුරෝපා සංගමයේ සහයෝගිතා ප්‍රධානි ජෙනි කොරියා නුන්ස් මහත්මිය එහිදී කියාසිටියාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම