චීන-ජපාන විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2023-02-03 10:15:43
Share with:

චීන විදේශ අමාත්‍ය Qin Gang මහතා සහ ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා දුරකථන සංවාදයක නිරත වෙති.

මෙම වසර දෙරටේ සාමය සහ මිත්‍රත්වය පිළිබඳ වන ගිවිසුමේ 45 වැනි සංවත්සර වසර වන අතර, එම අවස්ථාවේ දී ජපානය සමඟ දෙරටේ සබඳතාව නිවැරදි දිශානතියක් වෙත ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Qin Gang මහතා ඊයේ (2) පැවති එම දුරකථන සංවාදයේ දී පැවසීය. ඉතිහාසයේ සිදුවීම් පිළිබඳව සහ තායිවාන ප්‍රදේශය ඇතුළු වැදගත් කරුණු කෙරෙහි, සිය පොරොන්දු ඉටු කරමින් සුපරික්ෂාකාරීව කටයුතු සිදු කරන ලෙසටත්,  යුධමය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධව විචක්ෂණශීලීව ක්‍රියා කරන ලෙසටත්, Diaoyu දූපත් ප්‍රශ්නය සම්බන්ධයෙන් දක්ෂිනාංශික බලවේග ප්‍රකෝප කිරීම නවත්වන ලෙසටත් හෙතෙම එහි දී ජපානයෙන් ඉල්ලා සිටියේය.

දෙර‍ටේ සබඳතාවය හා සහයෝගීතාවය උදෙසා විශාල සංවර්ධන අවස්ථා පවතින බව Yoshimasa Hayashi මහතා ප්‍රකාශ කළේය. මෙම 45 වැනි සංවත්සරය වෙනුවෙන්, එක්ව නිර්මාණාත්මක හා ස්ථාවර වූ  ද්විපාර්ශවික සබඳතාවයක් ගොඩනැගීමට ජපානය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම