6 වැනි චීන ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බරයේ
2023-02-03 17:22:50
Share with:

6 වැනි චීන ආනයන ප්‍රදර්ශනය සඳහා ව්‍යවසායයන් 500කට අධික සංඛ්‍යාවක් එක්වෙයි. මෙම ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මස 5වැනි දා සිට 10වැනි දා දක්වා Shanghai නගරයේ දී පැවැත්වෙනු ඇත.

ප්‍රදර්ශනයට එක්වන ප්‍රථම ව්‍යවසායයන් ලැයිස්තුව අද(03) නිල වශයෙන් නිකුත් කෙරිණ. ප්‍රථමයෙන් ම ගිවිසුම් අත්සන් කළ ව්‍යවසායයන් හා ආයතන 206ක් ඊට ඇතුළත් ය.

විවෘතභාවය, සහයෝගිතාව, නවෝත්පාදනය හා පොදු-ජයග්‍රාහී බව කෙරෙහි 6 වැනි චීන ආනයන ප්‍රදර්ශනයේ ඉහළ අවධානය යොමුකෙරෙනු ඇත. ප්‍රදර්ශනයට එක්වන්නන්ට සහයෝගිතා පැවැත්වීම සඳහා ප්‍රායෝගික වේදිකාවක් ගොඩනැංවීමට ද අපේක්ෂිත ය.

ආහාර හා කෘෂි නිපැයුම්, මෝටර් රථ, තාක්ෂණය, පාරිභෝගික නිෂ්පාදිත, වෛද්‍ය උපකරණ හා ඖෂධ මෙන්ම සේවා වෙළඳාම යන ප්‍රධාන කලාප 6ක් ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපනය කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම