නව ප්‍රතිසංස්කරණවාදී රාජ්‍ය ප්‍රතිපත්තියක් සමඟ අභිමානවත් 75 වැනි ජාතික නිදහස් සැමරුමට සියල්ල සූදානම්
2023-02-03 15:34:33
Share with:

රටේ ඉදිරි වසර 25 සඳහා රජයේ නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ සමඟ 75 වන ජාතික නිදහස් උළෙල අභිමානවත් අයුරින් සැමරීමට සියලු කටයුතු සූදානම් කෙරේ. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාවෙන් යුතු මෙවර නිදහස් උළෙලේ දී,  2048 වසරේ 100 වැනි නිදහස් සැමරුම දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ජාතික නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙ.ව 8.30 ට ගාලුමුවදොර පිටියේ දී ආරම්භ කෙරේ.  සංස්කෘතිකාංග සහ ආගමික වැඩසටහන් රැසක් දීපව්‍යාප්තව සංවිධාන කර තිබීම ද විශේෂත්වයකි.

රජයේ නව ප්‍රතිසංස්කරණවාදී රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ නව ආයතන සහ නීති කිහිපයක් හඳුන්වාදීමට ද පියවර ගැනේ. ඒ අනුව, මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ කටයුතු සඳහා ආයතනයක් හා ආර්ථික විද්‍යා සහ වෙළෙඳ ආයතනයක් ද ස්ථාපනය කිරීමට නියමිතය.  

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම