පොදු ඉලක්ක ගත ආර්ථික ගමනක නිරත චීනය
2023-02-03 10:03:37
Share with:

ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී  මහා ශිෂ්ඨාචාර කිහිපය අතර වඩාත් සංවිධිත ශිෂ්ඨාචාරය බිහිවී ඇත්තේ චීනයෙනි. ඒ චීනයේ මව් ගඟ ලෙස හැඳින්වෙන කහ ගඟ ආශ්‍රිතව බිහිවූ ශිෂ්ඨාචාරයයි. ලෝකයට බොහෝ නිපැයුම් හඳුන්වාදුන් ශිෂ්ඨාචාරයක් ලෙස එය සැලකේ. ‘නිදා සිටින යෝධයෙක්” ලෙස විරුදාවලිය ලැබූ චීන රාජ්‍යය වර්තාමනයේ කලාපයේ දැවැන්ත රාජ්‍යයයි.

1949 පසුව මාඕ සේතුං විසින් මහජන චීනය ගොඩනැගීමෙන් පසු චීනය එතෙක් පැවති ස්වරූපය‍‍ට වඩා වෙනස් ස්වරූපයකට මාරුවිය. 1977න් පසුව ඩෙං ෂියෝපිං චීනය ප්‍රතිසංස්කරණවාදී හැඩයකට නතු කළේය. ලෝක ආර්ථික ප්‍රතිපත්ති සමග ගලපමින් සිය අපනයන ප්‍රතිපත්ති තුළින් නව දියුණුවක් ලබා ගැනීමට චීනයට හැකිවිය. ඉතිහාසයේ සිට පැවති හැකියාවන් නවීකරණ, නවෝත්පාදන සමග සංකලනය වී ඉතා වේගයෙන් සංවර්ධනය කරා යාමට එතැන් සිට චීනය සමත් වූ බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මංගල කිර්ති පැස්කුවෙල් මහතා පවසයි.

විශාල ජනගහනයක්, විශාල භූමි ප්‍රදේශයක්, දේශගුණ විවිධත්වය සහ කලාපීය හැකියාවන් මනාව වටහා ගනිමින් රට අභ්‍යන්තරයේ දැවැන්ත දියුණුවක් කරා යාමට චීනය ක්‍රියා කර තිබේ. නව යුගයේ චීන ලක්ෂණයන් සහිත සමාජවාදී චින්තනයේ නිර්මාතෘ වත්මන් චීන උත්තරීතර නායක ෂී ජින්පිං මහතා සිය රටෙහි අනන්‍යතාවයක් සහිත රාජ්‍යයක් ගොඩනැගීමට ක්‍රියා කිරීම කැපී පෙනේ. ඒ සඳහා රටේ ශ්‍රම බලකායට තාක්ෂණික දැනුම ලබා දීමට ඔහු කටයුතු කරයි. ඒ සඳහා සමාජ, ආර්ථික හා තාක්ෂණය කළමණාකරණය කිරීමත්, ඊට යොදා ගන්නා සංකල්ප මනාව මෙහෙයවීමත් සිදුවෙයි.  

මේ වන චීනයේ  කරුණු පහක් යටතේ නවීකරණය සිදු කෙරෙන බවට තමන් දකින බව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මංගල කීර්ති පැස්කුවෙයි මහතා සඳහන් කරයි. ඉන් පළමුවැන්න පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන කෙරෙහි දක්වන අවධානයයි. දෙවැන්න, සිය රට තුළ ආර්ථික ක්‍රියාවලිය සංවර්ධනය කොට, ලෝක සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමයි. එක් මාවතක් එක් තීරයක් වැඩපිළිවෙළ එහිදී සුවිශේෂී වෙයි. තාක්ෂණය අතින් දියුණු රටවල් සඳහා සිය විද්‍යාර්ථීන් යවා ඔවුන්ට එම දැනුම ලබා දීමට කටයුතු කිරීම තෙවැන්නයි. ඔවුන් නැවත ගෙන්වා සිය රට තුළ කර්මාන්ත සඳහා සහාය ලබා ගැනේ. මේ වන විට වෙනත් රටවලට අවශ්‍ය තාක්ෂණික උපාංග සිය රට තුළ නිෂ්පාදනය කිරීම චීනය සාර්ථකව කරගෙන යයි. චීනය තුළ වෙනත් රටවලට ආයෝජන අවස්ථා සැලසීම සිව්වන සංකල්පය ලෙස හඳුනාගත හැකිය. සිය රටෙහි අමුද්‍රව්‍ය, ප්‍රාග්ධනය, දැනුම හා කුසලතාව සමෝධානය කිරීමත් හරිත තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කිරීමත් නවීකරණයේ පස්වැනි සංකල්පය ලෙස තමා හඳුනාගන්නා බව පැස්කුවෙල් මහතා පවසයි.

මෙම තත්වයන් තුළ මේ වන විට ලෝක අපනයන ආර්ථිකය තුළ දැවැන්ත අයිතියක් චීනය සතුකරගෙන සිටී. නවීන සමාජවාදය තුළ 2049 වන විට සංවර්ධන ඉලක්ක සපුරාලීමට අවශ්‍ය මානව තත්ත්ව දර්ශකය ඉහළ නංවා ගැනීමට චීනය ක්‍රියා කරමින් සිටී. ඒ සඳහා සෑම පුද්ගලයෙකුටම වෘත්තීයාභිමුඛ අධ්‍යාපනයක් ලබාදීමටත්, සෑම පුද්ගලයෙකුටම ආදායම් ඉපැයීමට යොමු කිරීමටත් සැලසුම් කර තිබේ. චීනයේ වෙසෙන මානව සම්පතෙහි අගය හඳුනාගනිමින් සංවර්ධනය කරා රැගෙන යමින් සිය ජයග්‍රහණ අත්පත් කර ගන්නා බව ගමනක චීනය නිරතව සිටී.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම