යුක්රේනයට යුරෝපා සංගමයෙන් අඛණ්ඩව යුධ සහය
2023-02-03 13:01:24
Share with:

යුරෝපා සංගමය ඊයේ(2) ප්‍රකාශ කළේ යුක්රේන හමුදාවට තවදුරටත් යුධ සහය ලබා දෙන බවයි. යුක්රේනයේ යුරෝපා සංගම් යුධ සහනාධාර කණ්ඩායමේ පුහුණු  කටයුතු වෙනුවෙන් වැය වන යුරෝ මිලියන 500ක වටිනාකමකින් යුතු සැලැසුම් මාලාවක් සහ යුරෝ මිලියන 45ක වටිනාකමකින් යුතු සහනාධාර පියවරයන් ද ඊට ඇතුළත් වේ. යුක්රේන භටයන් පුහුණු කිරීමේ සැලැස්ම යුරෝපා සංගමය තවදුරටත් ශක්තිමත් කිරීමට ද බලාපොරොත්තු වේ. එසේම එම සැලසුමට අනුව යුධ භටයන් ප්‍රමාණය 15000 සිට 30000 දක්වා වැඩි වනු ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති Vladimir Putin මහතා පැවසුවේ රුසියාව බටහිර රටවල තර්ජන වලට මුහුණ දෙන අතර මෙම සටනේ දී  රුසියාව පරාජය කිරීමට වෑයම් කරන පාර්ශවයන්ට අදාළ ප්‍රතිචාර ලැබෙනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම