චීන-යුරෝපීය අධිවේගී දුම්රියේ කාර්යක්ෂමතාවය ඉහළට
2023-02-03 10:01:31
Share with:

මෙම වසරේ ජනවාරි මාසයේ දී, චීන-යුරෝපීය අධිවේගී දුම්රිය 1,410ක් ධාවනය කර ඇති අතර, සම්මත බහාලුම් 147,000ක් ද ප්‍රවාහනය කර ඇත. එය වසරින් වසර පිළිවෙළින් සියයට 6 සහ සියයට 13කින් ඉහළ ගොස්  තිබෙන බව චීන ජාතික දුම්රිය සමූහ සමාගම අනාවරණය ක‍ළේය.

මෙම වසර ආරම්භයේ සිට, චීනයේ දුම්රිය දෙපාර්තමේන්තුව චීන-යුරෝපීය දුම්රියේ දේශීය කොටස පුළුල් කිරීම සහ ටොන් ප්‍රමාණය වැඩි කිරීම ක්‍රියාත්මක කර ඇත. තනි චීන-යුරෝපීය දුම්රියේ බහාලුම් ප්‍රවාහන ධාරිතාවය සාමාන්‍යයෙන් සියයට 8කින් පමණ වර්ධනය වී තිබේ. එසේම, චීන-යුරෝපීය දුම්රිය සඳහා වන රේගු නිෂ්කාශනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වරාය මෙහෙයුම් ප්‍රශස්ත කර තිබීම ද විශේෂත්වයකි. චීන සාම්ප්‍රදායික වසන්ත උත්සව සමයේ, චීන-යුරෝපීය දුම්රිය ස්ථාවර ක්‍රියාකාරිත්වයක් පවත්වා ගෙන ගිය අතර, එමඟින් ජාත්‍යන්තර සැපයුම් දාමයේ ආරක්ෂාව සහ සුමට බව තිරසර ලෙස සහතික කරමින් වසන්ත උත්සව සමයේ වෙළෙඳපොළ සැපයුම ඵලදායී ලෙස සහතික කර ඇති බව ද චීන ජාතික දුම්රිය සමූහ සමාගම පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම