2022 වසරේ චීන විදේශ වෙළඳාම අපේක්ෂිත ඉලක්ක සපුරයි
2023-02-02 19:09:46
Share with:

පසුගිය වසරේ චීන විදේශ වෙළඳාම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කිරීමට සමත් වූ බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය අද(02) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී වාණිජ අමාත්‍යංශයේ, විදේශ වෙළඳ අංශ ප්‍රධානි Li Xingqian මහතා මේ බව සඳහන් කළේය.

ඔහු පවසන්නේ ගෙවී ගිය 2022 වසරේ, චීනයේ ‍ විදේශ වෙළඳ ක්ෂේත්‍ර බහුවිධ අවදානම්වලට මුහුණ පා සිටිය ද ස්ථාවරත්වය තහවුරු කරමින් ගුණාත්මකභාවය නංවාලීමට සමත් වූ බවයි. එසේම, පසුගිය වසරේ චීන විදේශ වෙළඳාම තවදුරටත් ඉහළ මට්ටමකට ළඟාවීම ද කැපී පෙනෙන කරුණකි.

ප්‍රතිසංස්කරණය කරන ලද නව වෙළඳ ප්‍රතිපත්ති මේ වසරේ ක්‍රියාවට නංවන බව ද Li Xingqian මහතා පවසයි. මෙමගින් පිරිවැය අඩු කිරීම, කාර්යක්ෂමතාව නැංවීම මෙන්ම තරගකාරීත්වය නව මට්ටමකට රැගෙන යාම සඳහා ව්‍යවසායයන් වෙත අඛණ්ඩ සහාය දක්වනු ඇතැයි ද ඔහු කියාසිටී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම