චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂවරයා සහ ජගත් සංවිධානයේ මහා මණ්ඩල සභාපතිවරයා අතර හමුවක්
2023-02-02 19:23:48
Share with:

චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික හා විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා සහ එක්සත් ජාතීන්ගේ 77 වන මහා මණ්ඩල සභාපති Csaba Kőrösi මහතා බෙයිජිං අගනුවර දී හමුවෙති.

චීනය අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහය වන අතර, ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කරන බව වං යී මහතා අද (2) පැවති එම හමුවේදී පැවසීය. ගෝලීය සංවර්ධන මුලපිරීම සහ ගෝලීය ආරක්ෂක මුලපිරීම ක්‍රියාත්මක කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමටත්, ගෝලීය අභියෝගවලට එක්ව මුහුණ දීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියාසිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව බහුපාර්ශ්විකත්වයට දක්වන සහය පිළිබඳව Csaba Kőrösi මහතා එහිදී චීන රජයට ස්තුතිය පළ කළේය.  චීනය සමඟ සහයෝගිතාව ශක්තිමත් කරමින්, 2030 තිරසර සංවර්ධන න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන බවට ද  හෙතෙම අපේක්ෂා පළ කළේය‍.

පොදු සැලකිල්ලට ලක්වන කරුණු පිළිබඳව ද එහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ඇත.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම